FAST NEWS

24×7 Around the Globe

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට….

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර බුලවායෝහිදී ඊයේ (27දා) අවසන් වූ බ්ලූ මවුන්ටන් ඇකිලියොන් ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බ.ඉ. කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගයේ 37.3 වැනි පන්දුවාරයේදී කඩුලු 04ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

මෙහිදී කණ්ඩායම ජයග්‍රාහී කඩඉම තෙක් රැගෙන යමින් උපුල් තරංග ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 98කදී නොදැවී ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය.