FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන් පරදා සිම්බාබ්වේ ශ්‍රී ලංකාව සමග අවසන් සටනට…

ඊයේ (25) පැවති තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ලකුණු 05කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 218කි.

වර්ෂාවෙන් තරඟයට බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 130ක් වූ අතර ඒ සඳහා ඔවුන්ට හිමිවුයේ පන්දුවාර 27කුත් පන්දු 3ක් පමණි.

ඒ අනුව කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 27යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව සමඟ එළඹෙන 27 වනදා පැවැත්වෙන අවසන් තරඟය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය.

1(3244) 2(2809)