FAST NEWS

24×7 Around the Globe

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවූ ඩු ප්ලෙසි තරඟ තහනමකට අත වනන හැටි මෙන්න…

 

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ශතකයක් රැස් කළ ෆෆ් ඩු ප්ලෙසි පන්දු රකින අවස්ථාවේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කළ බවට වැරදිකරු වී තිබේ.

මේ නිසා ඔහුට තරග ගාස්තු දඩයක් නියම කෙරුණු අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා තීරණය කර ඇත්තේ ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි.

එම අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ඔහුට තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගනු ඇති බවට වාර්තා වේ.