FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ඉතිහාසයේ පියයි පුතයි එකම දේ කළ හැටි මෙන්න…

 

ඔස්‌ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඩ්හී ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ස්‌ටෙපන් කුක්‌ සිය පියාවු ජිමී කොක්‌ කළ වාර්තාගත පන්දුවකට මුහුණ දුන්නේය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ඉතිහාසයේ පියා සහ පුතා නව පැහැයකින් ආරම්භ කරන ලද පන්දුවකට පළමුව මුහුණ දුන් අසාමාන්‍ය අවස්‌ථාව එය වේ.

වර්ණ භේදවාදය හේතුවෙන් තහනමට ලක්‌ව සිටි දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවලට පැමිණීමෙන් පසු ක්‍රීඩා කළ පළමු ටෙස්‌ට්‌ තරගයේ රතු පැහැති පන්දුවට සහ පළමු එක්‌දින තරගයේ සුදු පැහැති පන්දුවට මුහුණ දී ඇත්තේ ජීමී කොක්‌ය.

අනතුරුව ඊයේ(24) ආරම්භ වූ දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගයේදී ජීමි පුත් ස්‌ටෙපන් රෝස පැහැති පන්දුවට මුහුණ දුන් පළමු දකුණු අප්‍රිකානු පිතිකරුවා බවට පත්විය.

පියාගෙන් වසර 24 කට පසු එම අවස්‌ථාව උදාකර ගැනීමට සමත් වූ ස්‌ටෙපන් ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 40 කට පිටියෙන් ඉවත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 76 කදී කඩුලු නවයක්‌ ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කර අතර ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්‌ට්‍රේලියාව කිසිවකු නොදැවී ලකුණු 14 ක්‌ ලබා සිටියේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබු නායක ඩුප්ලෙසි පන්දු 164 කදී හතරේ පහර 17ක්‌ සමග නොදැවී ශතකයක්‌ (118) වාර්තා කළ අතර ඔස්‌ට්‍රේයාව වෙනුවෙන් ජෝස්‌ හෙසල්වුඩ් ලකුණු 68 කට කඩුලු 4 ක්‌ද ස්‌ටාක්‌ සහ ජැක්‌සන් බර්ටි කඩුලු දෙක බැගින්ද බිඳ දැමුහ.