FAST NEWS

24×7 Around the Globe

තරගය තියුණූ වීමට බලපෑ හේතු හා දුර්වලතා කිහිපය තරංග මාධ්‍ය වෙත කියයි..

වාසනාවේ මහිමය තම කණ්‌ඩායම පැත්තෙන් නතර වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති තීරණාත්මක එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු එකක තියුණු ජයක්‌ ලබා අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක උපුල් තරංග පවසයි.

අනිද්දා (27 දා) බුලවායෝහිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුකම් ලැබුවේ ප්‍රසාද ලකුණු 11 ක්‌ ලබාගනිමිනි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සිම්බාබ්වේ සහ කොදෙව්වන්ව එක්‌ වරක්‌ බැගින් පරාජය කළ අතර කොදෙව්වන්ට පළමු වටයේදී තරගයක්‌ පරාජය විය.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය වැස්‌සට සේදීය යාම හේතුවෙන් දෙපිලට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලැබුණි.

තීරණාත්මක තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්‌කයක්‌ හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවසන් පන්දු හයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක්‌ අවශ්‍ය වුවද ඔවුන්ට එහිදී ලබාගත හැකිවුයේ ලකුණු අටක්‌ පමණි.

පන්දු රකින්නන් විශාල උත්සහයක්‌ ගත්තද දවා ගැනීම් කිහිපයක්‌ අපතේ යැම හේතුවෙන් මෙවැනි උද්වේගකර තරග අවස්‌ථාවක්‌ පැමිණි බව උපුල් තරංග වැඩි දුරටත් පවසයි.

“වාසනාවකට අපේ පැත්තෙන් තරගය නතර වුණා. ධනංජය, මෙන්ඩිස්‌ සහ දික්‌වැල්ල ඇතුළු පිතිකරුවෝ ඉතාමත් හොඳින් සිය යුතුකම් ඉටු කළා. අපේ පන්දු යවන්නන් හොඳ රාජකාරියක්‌ ඉටු කළත් ඔවුන් වයිට්‌ පන්දු 15ක්‌ යෑවීම මෙවැනි කරට කර තරගයක තීරණයකට බෙහෙවින් බලපෑවා. ඒ වගේම උඩපන්දු සහ දුවද්දි දවා ගැනීම් කිහිපයක්‌ අතහැරුණා. නමුත් අපි ඊළඟ තරගයට යන විට තවත් හදාගත යුතු තැන් තියෙනවා.”