FAST NEWS

24×7 Around the Globe

වසර දහස් ගණනකට පෙර චීනයේ ලේඛණගත වූ මකුළුවාට පණ ආ හැටි… (ඡායාරූප)

 

චීනයේ ගොවියෙකුට අතිශය දුර්ලභ මකුළුවෙකු හමුවී තිබේ.

චීනයේ දකුණු බටහිර පළාතේ පූජිඈන්ග් නම් නගරයේ දොඩම් ගොවියෙකුට පසුගිය නොවැම්බර් මස 14 වනදා ඔහුගේ ගොවිපළින් හමුවී ඇත්තේ අතිශය දුර්ළභ මකුළුවෙකි.

චීනයටම ආවේණික වූ ‘වේලා තැටියෙහි‘ සංකේතයක් ලෙස දැක්වෙන මෙම මකුළුවා වසර දහස් ගණනකට පෙර පුරාණ චීන ලිපිලේඛණ වල ලේඛණගත වූ මකුළුවෙකු බව පැවසේ.

එසේම මෙම මකුලුවාගේ උදරය තැටියක් වැනි ආකාරයෙන් දිස්වීම විශේෂ වේ.

මෙම අගනා සොයාගැනීම හොඳ මිලකට විකිණීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මෙන්ම මෙය හමුවූ මොහොතේ මේ මකුළුවෙක් දැයි තමාට හඳුනාගත නොහැකි වූ නිසා මුලින් සිතුවේ කෞතුක වස්තුවක් වන්නට ඇතැයි කියා බවද එම ගොවියා ප්‍රකාශ කර තිබේ.

කෘමි විශේෂඥයෙකු වන සාඕ ලී පවසන්නේ චීන වේලා තැටියෙහි දැක්වෙන මෙම මකුළුවා ඉතා වටිනාකමින් යුතු බවකි.

3a9c2e9100000578-3956784-image-a-10_1479727306847

3a9c111a00000578-3956784-the_man_said_he_planned_to_sell_the_rare_chinese_hourglass_spide-a-6_1479729186350

3a9c110900000578-3956784-a_farmer_in_china_has_found_a_rare_spider_with_an_extraordinary_-a-5_1479729182038