FAST NEWS

24×7 Around the Globe

ධවල මන්දියරයට යන පලමු දිනයෙදීම ට්‍රම්ප් ඉවත් වන ගිවිසුම මෙන්න…

 

තමා ධවල මන්දියරය වෙත යන පළමු දිනයේදීම ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගීතා ගිවිසුම හෙවත් ටී.පී.පී. වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වන බව ඇමෙරිකාවේ තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමෙරිකාව පළමු තැනට ගැනීම සඳහා සිදුකරන කඩිනම් ක්‍රියාවලියේ සිදුකරන ක්‍රියාමාර්ග 06ක් පිළිබඳ ඉඟි පළ කර ඇති ට්‍රම්ප්, මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමද එහි එක් අංගයක් බව අවධාරණය කර තිබේ.

මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීම ඇමෙරිකාව තනිව ගමනක් යෑමට සූදානම් වීමක් පිළිබඳව ඉඟි පළ කර ඇති අතර, ජාතිකවාදී හා ආරක්ෂණවාදී පිළිවෙතක් වෙත නැඹුරුවීමක් ලෙසද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

70 වැනි වියෙහි පසුවන මෙම ධනකුවේරයා තමා බලයේ රැඳෙන ප්‍රථම දින 100 තුළ ප්‍රමුඛස්ථානයෙහිලා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයන් මෙන්ම, විධායක ක්‍රියාමාර්ග ලෙස කඩිනමින් ඉටුකිරීමට බලාපොරොත්තු වන දේ පිළිබඳවද මෙසේ අදහස් පළ කර තිබේ.

විශේෂයෙන්ම, වෙළෙඳ ගනුදෙනු සිට සරණාගත ප්‍රශ්නය, ජාතික ආරක්ෂාව සහ ආචාරධර්ම මෙන්ම, වොෂිංටනයට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් මධ්‍යම පන්තිය යළි ගොඩනගන බවද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.