FAST NEWS

24×7 Around the Globe

ජනපති තනතුරෙන් ඉවත් වුවත් ඔබාමාගේ අවධානය රැදෙන තැන මෙන්න…

 

තමා ජනාධිපති ධුරයෙන් නික්මුණ ද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු හරයන්ට තර්ජනයක් වන්නේ නම්, තමා නිහඬව නොසිටින බව ජනාධිපති බැරක් ඔබාමා පවසා තිබේ.

කෙසේ නමුත්, පේරු රාජ්‍යයේ ලීමා නුවර පැවති ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති ඔබාමා සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහුගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට සූදානම් බවයි.

එහෙත් සිවිල් වැසියෙකු ලෙස තමා ඇමරිකානු අගයන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත්, ජනාධිපති ඔබාමා අවධාරණය කර තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශය වැදගත් වන්නේ ඇමරිකානු ජනාධිපතිවරුන් තනතුරෙන් ඉවත් වීමෙන් පසු පත්වන නායකයන් පිළිබඳව අදහස් ප්‍රකාශ නොකිරීම ඇමරිකානු දේශපාලන සම්ප්‍රදායක් වීම හේතුවෙනි.