FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු අනුකරණය කළ බින්දු ඇතුළු පිරිසට සිදු වුණ දේ…

 

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති  ජනක කුමාර බෝතලේගම (බින්දු) ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (21)  චෝදනා ගොනු කර තිබේ.

බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි ‘බින්දුට’එරෙහිව මේ නඩුව පවරා ඇති අතර ඔවුනට පෙබරවාරි 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කර තිබේ.

ශ්‍රීමාල් වීරසිංහ,කැළුම් උදයකුමාර,චමින්ද කුමාර රණසිංහ,උදය වර්ණකුලසුරිය සෙසු සැකකරුවෝ වෙති.