FAST NEWS

24×7 Around the Globe

‘ආවා’ කල්ලියේ සැඟවුණු අරමුණු හෙළි කරමින් රාජිත විශ‍්‍රාමික ජනරාල්වරයෙකුට දුන් පිළිතුරු මෙන්න…

 

උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනරත්න ප‍්‍රතිචාර දක්වා තිබේ.

ගාල්ලේ පැවති උත්සවයකදී විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසා ඇත්තේ උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කළ යුතු බවයි.

එසේ නොමැති වුවහොත් යළි රට තුළ ගැටලූකාරී තත්වයක් ඇතිවිය හැකි බව ඔහු ප‍්‍රකාශ කර ඇති අතර ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න දැක්වූ අදහස් පහතින්..

“එහෙම සෑහීමකට පත්වෙන්න බැරිනම් , ඒ තත්ත්වයන් උදා කළේ ඒ අයම තමයි. ඒ අයත් , එදා හිටපු ආරක්ෂක ලේකම්වරුත් වගකියන්න ඕනේ. මම පැහැදිලිවම කියනවා ඔය නොයෙකුත් කල්ලි මේ පළාත්වල සන්නද්ධ කල්ලි හැදීමට මූලිකත්වය දැරුවේ ඔය කියන කට්ටියම තමයි. අද ආරක්ෂාව නැහැ කියලා ඒ කල්ලි යොදවමින් තමයි , මේ ප්‍රකාශ නිකුත් කරන්නේ. මේ එකම කුමන්ත්‍රණයක කොටස්කරුවන්. මම රජයට කියනවා මේ අය පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා”.

උතුරේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කර ඇති අතර එහිදී ඔහු ආවා කල්ලිය නිර්මාණය කිරීමේ තවත් අරමුණු කිහිපයක් හෙළි කර තිබුණේ මෙලෙසින්ය.

“ඒගොල්ලො මංකොල්ල කෑවත් , ත්‍රස්තවාදය කරත්, දෙකම එකයිනේ. මේ රටේ මිනිස්සුන්ටනේ මේකෙන් පාඩුව තියෙන්නේ. ඉතිං මොන නීතියක් යටතේ හරි දැඩි දඬුවම් දෙන්න ඕනේ. නැත්තන් නීතී හොයලා හරි කරන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රශ්ණය. දෙක, මේක අද මංකොල්ල කෑවට නන්නත්තාර වෙලා , එදා ඕක හැදුවේ වෙනත් වෙනත් බලාපොරොත්තු සහගතව.

විශේෂයෙන්ම 2015 මැතිවරණයේදී උතුරේ ඡන්ද මංකොල්ල කන්නත් එක්ක තමයි මේවා හැදුවේ. නමුත් ඒවා ඔක්කොම අසාර්ථක වුණා පහුගිය කාලේදී. ඒවා හදපු කට්ටිය අපි දන්නවා හොඳටම නම් ගම් එක්ක. ඒ පිළිබඳව සියළු වාර්තා තියෙනවා, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරපු පරීක්ෂණ වාර්තා. ඒ සියළු දේවල් එක්ක අපි වගකීමෙන් කියන්නේ ඕවායේ නිර්මාතෘවරු තමයි ඔය අද කතාකරන්නේ ආරක්ෂාව නැහැයි කියලා”.