FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී වැටුපට සිදු කළ යුතු දේ ගැන අගමැති කියූ හැටි මෙන්න…

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ප්‍රමාණවත් නොමැති බැවින් හැම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබා දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අගමැති වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් පවසා ඇත්තේ සිය මැතිවරණ කොට්ඨාස වල වැඩ කටයුතු කිරීම සඳහා මෙම මුදල ඔවුන්ට ප්‍රයෝජනවත් වන බවයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.

”මගේ යෝජනාව නම් හැම මන්ත්‍රීවරයකුටම ලක්ෂයක් දෙන්න කියන එකයි. කවුරු හරි විරුද්ධ නම් ඒක ගන්න එපා. මන්ත්‍රීවරුන්ගේ පඩිය මදි ඔවුන්ගේ වැඩකටයුතු කරන්න. මන්ත්‍රීවරුන්ට තියෙන අමාරුකම මම දන්නවා. හුඟක් අයට ප්‍රශ්න තියෙනවා. ඒ නිසයි අපි මේ මුදල් දෙන්න යෝජනා කරන්නේ” යැයි ප්‍රකාශ කර තිබේ.