FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් හිමිකරුගෙන් විශේෂ නිවේදනයක්…

 

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ සටහන් රුකුලක් වූ බවට ලොව පුරා රාවයක් පැතිරුණ අතර ෆේස්බුක් හිමිකරු මෙන්ම ලොව මුල්පෙළ ප්‍රකෝටිපතියෙකු වන 32 හැවිරිදි මාක් සකබර්ග් මුලදී එම චෝදනා සුරංගනා කථාවක් ලෙස බැහැර කර ඇති බව වාර්තා වේ.

එහෙත් හිලරි ක්ලින්ටන්ගේ ආධාරකරුවන් ඇතුලු කණ්ඩායම් වලින් දිගින් දිගටම චෝදනා එල්ලවීමත් සමඟ ෆේස්බුක් වෙබ් අඩවියේ ව්‍යාජ සටහන් මැඩලීමේ වැඩසටහනක් සකබර්ග් දියත් කර තිබේ.

ඒ අනුව එවැනි ව්‍යාජ පුවත් ග්‍රහණය කරගැනීම සහ තහවුරු කරගැනීමට කටයුතු කෙරෙනු ඇති.

කෙසේ නමුත් ෆේස්බුක් හිමිකරු පවසා ඇත්තේ සිය සමාජජාල වෙබ් අඩවියේ පළවන පුවත්, ප්‍රබන්ධ සහ සටහන් වලින් සියයට 99 ක්ම සත්‍ය ඒවා යැයි තමා විශ්වාස කරන බවයි.