FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් ජර්මනියේ කළ අමුතුම ප්‍රදර්ශනය මෙන්න…

 

අයිස් නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් ජර්මනියේ දී පැවති අතර අයිස් ටොන් දෙසීයක් පමණ උපයෝගී කර ගනිමින් මෙම නිර්මාණ සිදුකර තිබේ.

නත්තල් සැරසිලි හා විවිධ ගෘහ නිර්මාණ ශිල්ප ඇතුලත් කලා නිර්මාණ මේ සඳහා එක් කර ඇති අතර ඇමරිකානු අයිස් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු මෙම නිර්මාණ සකස් කර තිබීමද විශේෂත්වයක් වේ.

අයිස් දියවීම වළක්වා ගැනීම සඳහා අදාල කලා නිර්මාණ සෙල්සියස් අංශක සෘණ අටක උෂ්ණත්වයක රඳවා තබා ඇති බවද වාර්තා වේ.