FAST NEWS

24×7 Around the Globe

සංගා පසු බසිද්දි සීකුගේ ප්‍රවේගාත්මක අර්ධ ශතකය ඩකා ජය සමීපයට ගෙන යයි..(වීඩියෝ)

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායම හා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර ඊයේ (19දා) පැවැති තරගයෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් කුල්නා කණ්ඩායම පන්දුවා 20 තුළදී කඩුලු 5ට ලකුණු 157ක් රැස්කරමින් ඩකා කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක් ලබාදුන්නේය.

එයට පිළිතුරු ලෙස ඩකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

කෙසේ වෙතත් වේගවත් ඉනිමක් ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකාවේ සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළත් ඉනිමේ 10 වැනි කඩුල්ල ලෙස 19 වැනි පන්දුවාරයේදී ඔහුගේ දැවීයාමෙන් පසුව ඩකා බලාපොරොත්තු බිද වැටුණි.

කඩුලු 7ට ලකුණු 83ක් ලෙස සටහන්ව තිබුණු ඩකා ඉනිම ගොඩනැංවීමට සීක්කු සමත්වූයේ පන්දු 22කදී වේගවත් ලකුණු 53ක් රැස්කරමිනි.

එසේම ඔහු සිය අර්ධ ශතකය සඳහා වැය කළේ පන්දු 18 ක් පමණි.

ඔහු ඉනිමේ 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස එල්ල කළ හයේ පහර සංඛ්‍යාව හතකි.

එම කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට රැස්කර ගත හැකිවූයේ ලකුණු 2ක් පමණි.

 

136 213