FAST NEWS

24×7 Around the Globe

නාය ගිය අරණායක මිනිස්සු කබලෙන් ළිපට ඇද වැටෙන හැටි මෙන්න…

 

අරණායක නාය යෑමට හසුවූ පවුල්වල ජනතාවට වර්ෂාවෙන් පීඩා එල්ලවී තිබේ.

ඔවුන්ගේ තාවකාලික නිවාස මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින බව වාර්තා වේ.

පසුගිය මැයි 17 වැනිදා අරණායක සාමසර කන්ද නාය ගොස් අවතැන් වු පිරිස් මේ වනවිට ස්ථාන කිහිපයක සහ ක්‍රිඩාංගන කිහිපයක තාවකාලික කුඩාරම් නිවාසවල පදිංචි වී සිටින අතර එම කුඩාරම් නිවාස මඩ වගුරු බවට පත්ව ඇති නිසා වැසිකිලි ද පිටාර ගලන බව වාර්තා වේ.

මේ වන විට එමගින් පීඩාවට පත්ව සිටින පවුල් ගණන 150ක් පමණ වන බවද වාර්තා වේ.