FAST NEWS

24×7 Around the Globe

‘ඩී.පී.ජේ. ටවර්’ වෙත තවත් කෝටි 26ක් පුදයි.. මාසික කුලිය කෝටි දෙකයි..

රුපියල් කෝටි දෙකකට වැඩි මාසික කුලියකට වසර දෙකක අත්තිකාරම්ද ගෙවා කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට රාජගිරියෙන් ලබා ගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් තවත් කෝටි 26ක් වියදම් කිරීමට අනුමත වී තිබේ.

ගොඩනැගිල්ලට ලී බඩු සැපයීමට හා සවි කිරීමට රුපියල් කෝටි 14ක්, කාමර වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලියා හා වුයා සමීකරණ වෙුනවෙන් කෝටි 12ක් පමණ වෙන් කර ඇති අතර ඒ සදහා මිල ගණන් කැදවමින් ටෙන්ඩර් කැදවා ඇත.

ප‍්‍රවීන සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් කෝට්ටේ පිහිටි ‘ඩී.පී.ජේ. ටවර්’ නම් එම ගොඩනැගිල්ල ආණ්ඩුව කුලියට ගෙන මාස ගණනාවක් ගියත් මේ වන තෙක් කිසිදු ප‍්‍රයෝජනයක් ගෙන නැත.