FAST NEWS

24×7 Around the Globe

මාලදිවයිනට ලාංකික ගණිකාවන් සපයන ජාවාරමේ තොරතුරු මෙන්න…

 

ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තීය සඳහා මාලදිවයිනට යැවෙන මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා රාත්‍රියේ (නොවැ.16) නියෝග කර තිබේ.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීය.

එහිදී උපාය දූතිකාවක යොදවා සබඳතා ගොඩනගා ගනු ලැබීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට ලාංකික කාන්තාවන් සියයකට අධික පිරිසක් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා සැකකරුවන් දෙදෙනා විසින් යොදවා ඇති බව විදේශ රැකියා ඇමැතිනියගේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‍ෂ පවසා තිබේ.

සංචාරක වීසා බලපත් මත මාලදිවයිනට යැවෙන කාන්තාවන් එරට ප්‍රභූවරුන්ට අලෙවි කෙරෙන අතර මසකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වැටුපක් එම කාන්තාවන්ට ගෙවන බව ද අනාවරණය වී තිබේ.