FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට පන්දුව පළදු කළැයි රිචඩ්සන්ගෙන් චෝදනා…

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වී ඇති බව ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩෙවිය වාර්තා කර සිටියි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුසිල ප්‍රධාන විධායක නිලධාරී ඩේව්ඩ් රිචට්සන් ප්‍රකාශ කර ඇත්තේ කැමරා දර්ශන මගින් අදාළ වරද අනාවරණය වී ඇති බව නවේදනයකින් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එහෙත් තරගය නිමවී පැය 18ක් තුළ තරග නිලධාරීන් ඩු ප්ලෙසිස් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා හෝ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතන මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

ඩූ ප්ලෙසිස්ට එරෙහිව අදාළ චෝදනා ඔප්පු වූවහොත් ඔහුට තරග මුදලින් සියයට 50 සිට සියයට සියය දක්වා දඩ මුදලක් අය කිරීම සහ ඔහුගේ ශ්‍රේණි ගතකිරීම් ලකුණු 02ක් අඩු කරනු ඇත.

2013 වසරේදී ද ඩූ ප්ලෙසිස් පාකිස්ථානය සමග පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ වරදට දඩුවම් ලබා තිබේ.