FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් අයිතිකාරයවත් හැක් කරමින් සටහනක් දමා ගිය කණ්ඩායම මෙන්න…

 

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ට්විටර් ගිණුමට හා පින්ටරෙස්ට් ගිණුමට ‘අවරමයින්‘ යැයි කියාගන්නා පිරිසක් අනවසරයෙන් ඇතුල් වී ඇතැයි වාර්තා වේ.

‘අවර්මයින්’ නැමැති සෞදි අරාබියන් කණ්ඩායම මෙහි වගකීම බරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසා තිබේ.

“බයවෙන්න එපා,අපි ඔබගේ ගිණුමේ ආරක්ෂිත තත්වය පරීක්ෂා කළා පමණයි.ඔබගේ ගිණුම ආරක්ෂිතව පවත්වා ගැනීමට අපට කතාකරන්න” යනුවෙන් මොවුන් මාර්ක්ගේ පින්ටරෙස්ට් ගිණුමේ සටහනක් දමා තිබේ.

පසුගිය ජූනි මසයේදීද මාර්ක්ගේ  සමාජ ජාලා ගිණුම් කිහිපයකට මෙලෙසම අනවසරයෙන් ඇතුළු වී තිබුණු අතර එහිදී ඔහුගේ එම ගිණුම්වල මුරපදය වූයේ ‘ඩාඩාඩා’ යන්නයි.

එවර ඔහුගේ මුරපදය බොහෝ සෙයින් ජනප්‍රිය වුවත් මෙවර ඔහුගේ මුරපදය ‘අවර්මයින්’ කණ්ඩායම හෙළි කර තිබුණේ නැත.