FAST NEWS

24×7 Around the Globe

අයවැය ඡන්දයෙන් වැළකෙන ජනපති ගාවට යන ඒකාබද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මෙන්න…

 

2017 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කළ අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසිම අද (18දා) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තවද ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 සහ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පසුව ජනාධිපතිවරයා සමග එක්වීමටද මේ වනවිට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.