FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන තරගයෙන් – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5ක් වර්ගීකරණවල ඉහළට.

පාකිස්ථානය සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ජගත් ටෙස්ට් වර්ගීකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව පිතිකරුවන් වර්ගීකරණයේ ස්ථාන 3 ක් ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා. ඔහු මේ වනවිට එම වර්ගීකරණයේ පසුවන්නේ පස්වන ස්ථානයේයි. ඒ, ප්‍රසාද ලකුණු 847 ක් හිමි කරගනිමින්.

මීට අමතරව ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා වර්ගීකරණයේ 27 වන ස්ථානය දක්වා ස්ථාන 6 කින්ද, දිමුත් කරුණාරත්න 41 වන ස්ථානය දක්වා ස්ථාන 8 කින් ඉහළට පැමිිණීමටද සමත්වුණා.

කෙසේ වෙතත් කුමාර සංගක්කාර එම වර්ගීකරණයේ තුන්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පහතට වැටී තිබෙනවා.

ජගත් ටෙස්ට් පන්දු යවන්නන් වර්ගීකරණයේ 52 වන ස්ථානයේ පසුවූ ධම්මික ප්‍රසාද් ස්ථාන 17 ක් ඉදිරියට පැමිණ මේ වනවිට පසුවන්නේ 35 වන ස්ථානයේයි.

එමෙන්ම නවක දඟ පන්දු ක්‍රීඩක තරිඳු කෞෂාල් පළමුවරට ටෙස්ට් පන්දු පන්දු යවන්නන් 100 දෙනා අතරට පැමිණීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අනිද්දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එම තරඟය ජයගතහොත් ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු