FAST NEWS

24×7 Around the Globe

සතියකට පසු ජනතාව හමුවට පැමිණි හිලරි කළ විශේෂ ප්‍රකාශය මෙන්න…

 

ඇමරිකා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් යළිත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පෙනී සිට තිබේ.

මැතිවරණ පරාජයෙන් පසු හිලරි ක්ලින්ටන් පළමුවරට ළමුන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන ආයතනයක ඊයේ(16) පැවති උත්සවයකට එක් වී තිබේ.

පරාජයෙන් පසු ඇය ප්‍රකාශ කර තිබුනේ මනස නිදහස් වන තෙක් තමා නිවසින් පිටව නොයන බවයි.

කෙසේවෙතත් ඊයේ(16) පැවති උත්සවයට එක්වෙමින් එහි සිටි පිරිස හමුවේ හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබුනේ කිසිදු දිනක සටන අත් නොහරින බවයි.

එසේම අමරිකානුවන් වෙනුවෙන්ද තම සටන අත් නොහරින බව ඇය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ බොහෝ දෙනෙකු බලාපොරොත්තු කඩවු තත්වයකට පත් වීම නිසා තමන් ද එම තත්වයට පත්ව ඇති බව හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබේ.

එමෙන්ම පරාජිත මානසිකත්වයෙන් යළි නැගී සිටිය යුතු බව ද ඇය සඳහන්  කර තිබේ.