FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩක වොජස් පන්දුවක් හිසේ වැදීමෙන් රෝහල් ගත කෙරේ..

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයෙකු වු  37 ත් හැවිරිදි ඇඩම් වෝජස් බටහිර ඔස්ට්‍රේලියාව හා ටැස්මේනියාව අතර පැවැත්වෙන සිව්දින තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදිමෙන් අනතුරට ලක්ව තිබේ.

බටහිර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ෂේපිල්ඩ් පළිහ සඳහා පර්ත්හි පැවැත්වෙන මෙම නිල නොවන සිව්දින තරගයේ පළමු දිනය වන (17) අද දින සවස් භාගයේදී මෙම අනතුර සිදුවිය.

බටහිර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා වන වෝජස්  ලකුණු 16 ක් ලබා සිටියදී ටැස්මෙනියා වේග පන්දු යවන ක්‍රීඩක  කැමරන් ස්ටීවන්සන් යැවු බවුන්සර් පන්දුවක් මග හැරීමට තැත් කිරිමේදි පන්දුව හෙල්මටයේ වැදී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රථමාධාර ලබා දුන්නද වොජස් සුව අතට පත් නොවීම හේතුවෙන් වහාම රෝහල් ගත කිරිමට කටයුතු කර තිබේ.

එසේම මෙවැනිම තරගාවලියක් අතරතුර ඔස්ට්‍රේලියා හිටපු ටේස්ට් ක්‍රීකට් ක්‍රීඩක පිල් හියුස් පන්දුව හිසේ වැදිමෙන් මීය ගියේය.

 

3000

sdsdsdsd