වෙළදපොලේ විකිණීමට ඇති මේද තැවරුමක (Fat Spared) (මාගරින්) ළදරුවන්ට හා වයස අවුරුදු 3 පහළ ළමයින් සඳහා සුදුසු නොවන බව සදහන් නොකර අලෙවි කිරීම අධිකරණය මගින් තහනම් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කර තිබේ.
එම නිෂ්පාදනය තුළ ළදරුවන්ට අහිතකර විස රසායනිකයක් අඩංගු බැවින් අධිකරණය එම නියෝගය ලබාදී ඇතැයිද සදහන් වේ.
කෙසේවුවද අදාල සමාගමක් එම අධිකරණ නියෝගය කඩ කරමින් සිය නිෂ්පාදනය අලවි කරනු ලබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
එසේම, එම නිෂ්පාදනය පිළිබදව සියලු තොරතුරු ලඟදීම පාරිභෝගිකයින්හට අනාවරණය කීරීමට සූදානමින් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
මේ අතර, වසර 2011දී එවකට සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය යූ.ඒ. මෙන්ඩිස් මහතා විසින් අදාළ මේද තැවරුමේ (Fat Spared) ප්‍රති ඔක්සිකාරක අඩංගු බවත්, ඒ අනුව ළදරුවන් හා වයස අවුරුදු 3ට අඩු ළමුන්ට සුදුසු නොවේ යනුවෙන් අතිරේක ලේබලයක් වෙළෙඳපොලේ ඇති මේද තැවරුම් සඳහා ඇලවීමට අවසරයක් දී තිබේ.
ඊට අදාළ, ලිපිය පහතින්..








