FAST NEWS

24×7 Around the Globe

සැත්කම් කරගැනීමට සිටින රෝගීන් 3000ක් දැඩිව අසරණ වන හැටි මෙන්න…

 

කරාපිටිය හෘද රෝග ශල්‍ය ඒකකයේ කටයුතු සිදු නොවීම නිසා සැත්කම් කරගැනීමට පොරොත්තු ලේඛනගතව සිටින රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි හෘද රෝගීන් සුරැකීමේ සංවිධානය සඳහන් කර තිබේ.

ශල්‍යාගාරය තුළ විෂබීජයක් පැතිර ඇති බව පවසමින් පසුගිය 09 වැනිදා ශල්‍යාගාරය වසා දමා තිබෙන බවත්, එහෙත් එය කඩිනමින් විවෘත කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවත් එම සංවිධානයේ ලේකම් ධම්මික ජයවර්ධන මහතා සඳහන් කර තිබේ.

මිට අමතරව පසුගිය ජුනි, ජූලි මාසවල දින 50කට වැඩි කාලයක් ශල්‍යාගාරය වසාදැමීම හේතුවෙන් පොරොත්තු ලේඛනය 2020 දක්වා දික්වී තිබෙන බවද ඔහු පවසා තිබේ.

ශල්‍යාගාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබීමට අමතරව සමහර අවස්ථාවල හෘද සැත්කම් සිදුකිරීමට නියමිත රෝගීන් සිටින වාට්ටුව තුළ ජලය පවා නොමැතිවන බවද හෙතෙම සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙ මේ සඳහා අවධානයක් යොමු කරමින් මෙම ගැටලුවට නිසි පිළිතුරක් ලබා දියයුතු බවත් රෝගීන්ගේ ජීවිත අවධානමේ නොහෙළිය යුතු බවත් රෝගින් පවසා තිබේ.