FAST NEWS

24×7 Around the Globe

බීබීසී ලෝක සේවයට අලුතින් භාෂා 11 ක් එක් වෙයි…

බීබීසී ලෝක සේවයේ නව වෙනස්කම් රැසක් සිදුකරමීන් එහි විකාශන කටයුතු සදහා තවත් භාෂා 11ක් හදුන්වාදීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව බීබීසී ලෝක සේවය විකාශන කටයුතු සිදු කෙරෙන භාෂා සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ යැමට නියමීත වේ.

1940 වසරෙන් පසු ලෝක සේවාවේ පුළුල් වෙනසක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර අලුතෙන් එක්වූ භාෂා අතර ගුජරාටි, කොරියන්, මරාටි, පංජාබ්, තෙලිගු ආදී භාෂා වේ.

මෙම භාෂාවන් එක් කිරීම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ තුළ අප්‍රිකා මෙන්ම ආසියා රටවල භාෂා ඇතුළත් වීමද විශේෂත්වයකි.