FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් සභාපතිට බැනවැදුණු ඩැරන් බ්‍රාවෝට අත්වූ ඉරණම මෙන්න…

 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් තරඟාවලියෙන් ඉවත් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති ඬේව් කැමරන් හට බැණවදිමින් ට්විටර් සමාජ ජාලය තුළ පළකර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට මෙලෙස තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ඩැරන් බ්‍රාවෝ නැවත කොදෙව් දේශය වෙත කැඳවීම හේතුවෙන් හිස් වන ස්ථානයට ජේසන් මොහොමඞ් නම් කර ඇති බවටයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමේදී සිදුවූවක් හේතුවෙන් ඩැරන් බ්‍රාවෝ මෙලෙස තම ක්‍රිකට් සභාපතිවරයාට බැනවැදී ඇති බවටයි.