FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් ‘ආවා’ ගෘප් සාමාජිකයෙක් ගැන ඇමති රුවන්ගෙන් අනුරට පිළිතුරු ලැබුණ හැටි මෙන්න…

 

අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ආවා ගෘප් සාමාජිකයන් තිදෙනා අතර හමුදා සේවයෙන් පලා ගිය ද්‍රවිඩ ජාතික නිලධාරියකුද සිටින බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඊයේ (15 දා) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා වැඩි දුරටත් මෙසේ පවසා තිබේ.

”ආවා කණ්‌ඩායම උතුරේ මෝටර් සයිකල් කල්ලියක්‌. ඔවුන් යම් කාලයක්‌ තුළ ඒ ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරමින් කප්පම් ඉල්ලමින් ව්‍යාපාරය ගෙන යනවා. එනිසා තමයි මම මීට පෙර ප්‍රකාශ කර සිටියේ මෙය හමුදාවෙන් මෙහෙයවන කණ්‌ඩායමක්‌ නොවේ කියලා. අද හමුදාවට කිසිම අවශ්‍යතාවක්‌ නෑ මෙවැනි කල්ලියක්‌ මෙහෙයවන්න.

රාජිත ඇමැතිතුමාගේ ප්‍රකාශයේ වරදක්‌ නෑ. දැනට අත්අඩංගුවට ගෙන සිටින ආවා කල්ලියේ තුන් දෙනාගෙන් එක්‌ අයෙක්‌ හමුදා නිලධාරියකු ලෙස සේවය කර තිබුණා. ප්‍රශ්න කරද්දී ඔහු කියා ඇත්තේ හමුදාවෙන් ඉවත් වුණා කියලා. හමුදාවෙන් ඉවත්වෙලා මේ කල්ලිය සමග එක්‌ව වැඩකරන බවයි කියා ඇත්තේ. හමුදාවේ හිටපු නිලධාරීන් මේ කල්ලිය සමග වැඩ කරන්න ඇති. හමුදාවේ හිටපු නිලධාරීන් තවත් මේ කල්ලිය සමග සිටීද කියා පරීක්‍ෂණ කරනවා.”