FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාව කාන්තා පාපන්දු ලෝක කුසලානය සමීපයට.

කැනඩාවේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අමෙරිකාව ඊයේ (30) සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයකදී ජර්මනිය ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජය කරමින්.

අමෙරිකාව ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් හතරවන අවස්ථාව ද මෙය වනවා. මෙම තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගය ජපානය සහ එංගලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි.