රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය කරන රියැදුරන්ට රුපියල් පහළොස් දහසක දඩයක් ලබා දිය යුතුයැයි කළ යෝජනාව රුපියල් විසි දහස (රු.20000) දක්වා වැඩි කිරීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.
-
ඒ අනුව තමන් කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළ පරිදි මෙතෙක් දුරට ගැටලුවක්ව තිබූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් දෙදහස් පන්සීයක අවම දඩ මුදලක් යැයි දඩයක් නැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කර තිබේ.
-
වයස අවුරුදු 18ට අඩු රියැදුරු බලපත්‍ර නැතිව වාහන ධාවනය කරන පිරිසටද රුපියල් 20000ක දඩය අදාළ බව කරුණානායක මහතා පවසා තිබේ.
-
නලාව නැති වුණත් රුපියල් 2500ක දඩයක් පනවනු ලබන්නේ නැති බව කී රවි කරුණානායක අමාත්‍යවරයා රටේ පුද්ගලයන් විශාල පිරිසක් රථ වාහන වැරදි නිසා මිය යෑම වළක්වා ගැනීමත් මෙම දඩ පැනවීමේ එක් අරමුණක් බව පෙන්වා දී තිබේ.
-
ඇතැම් මාධ්‍ය මෙම දඩ පැනවීම සම්බන්ධයෙන් වැරදි වාර්තා කර තිබු නිසා ව්‍යාකූල තත්ත්වයක් ඇති වූ බව පැවසූ හෙතෙම දඩ වැඩි කිරීමට මාධ්‍ය අකමැති දැයි මුදල් අමාත්‍යවරයා විමසා තිබේ.
-
කෙසේ වෙතත් රුපියල් 2500ක අවම දඩය මුල්කරගෙන බස් සංගම් බස් වර්ජනයකට යෑමට නියමිතව සිටි අතර ඊයේ(15) පැවැති කැබිනට් හමුවෙන් පසුව මුදල් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමැතුමක් දෙමින් එහිදී සිය ගැටලුවලට ගත් තීරණ සම්බන්ධයෙන් දැනුම් දුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා තිබේ.
-
ඒ අනුව ලබන සඳුදා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති සහ බස් සංගම් අතර රථ වාහන වැරදි වලට පමුණුවන දඩ සම්බන්ධයෙන් දැනුම්වත් වීමේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව විජේරත්න මහතා සඳහන් කර තිබේ.
-
‘අපි ඉල්ලා සිටියා රියැදුරු බලපත්‍ර නැතිව ධාවනය කරනවා නම්, බිමත්ව රිය ධාවනය කරනවා නම්, ආදායම් බලපත්‍රය නැතිව ධාවනය කරනවා නම් ඒවාට ඕන තරම් දඩ ගහන්න කියලා. කැබිනට් මණ්ඩලයේත් තීරණය කරලා තියෙන්නෙ එවැනි දඩ වැඩි කරන්න’ යැයි ගැමුණු විජේරත්න මහතා පවසා තිබේ.
-
ඒ අනුව මෙම රථ වාහන දඩ සංශෝධනය වී ඉදිරිපත් වීමට නියමිතය.









