FAST NEWS

24×7 Around the Globe

ඇබොට්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ඔස්ට්‍රේලියාවට ඉනිමක හා ලකුණූ 80 පරාජයක්..

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 80ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම අද (15) සමත් විය.

පළමු ඉනිමේදී ලකුණු 85කට දැවී ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවන ඉනිමට ලබා ගත හැකි වුයේ ලකුණු 161‍ ක් පමණි.

දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 326ක් රැස් කර ගැනීමට සමත් විය.

කයිල් ඇබට් පළමු ඉනිමේදී කඩුලු 3ක් දවාගත් අතර දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ දමමීන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුහ.

එ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

දෙරට අතර තෙවන හා අවසන් ටෙස්ට් තරඟය නොවැම්බර් 24 වන දා ඇඩිලේඞ් හිදී ආරම්භවීමට නියමිතය.

ලකුණු පුවරුව…

147583_1 147583_2