FAST NEWS

24×7 Around the Globe

වැල්ද්මීර් පූටින්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක්…

රුසියා ජනපති වැල්ද්මීර් පූටින් ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඵෙතිහාසික මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ට්‍රම්ප්ට සුබ පතා ඇති පූටින් ත්‍රස්තවාදීන්ට මුහුණ දිය යුතු ආකාරයත්, ආර්ථික උපාය මාර්ග පිළිබඳවත් රුසියා – ඇමරිකා මිත්‍රත්වයේ ඉතිහාසය සම්බන්ධවත් සාකච්ඡා කළ බව වාර්තාවේ.

දෙරට අත පවතින සබඳතාවය සාමන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යෑම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් දෙදෙනා අතර සාකච්ඡා සිදුවුණු බව කියති.