ඉදිරියේදී කුමන දේශපාලන තීරණයක් ගන්නේදැයි සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අද (01දා) සහ හෙට (02දා) දිනවලදී හමුවීමට නියමිත බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.
හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකතුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්ෂ 62ක් වූ ජනතාවට ද්‍රෝහි වී ඇතැයි මන්ත්‍රීවරිය සඳහන් කළාය.
තමා එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බවත්, පවතින තත්ත්වය තුළ වෙනම පෙරමුණකින් එන්නේදැයි අද පවත්වන සාකච්ඡාවලදී අවධානය යොමුකරන බවත් ඇය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් අද සහ හෙට පවත්වනු ලබන සාකච්ඡා සඳහා තමාටද පැමිණෙන්නැයි දන්වා සිටි බවද ප්‍රේමචන්ද්‍ර මෙනවිය සඳහන් කළාය.








