FAST NEWS

24×7 Around the Globe

ධනංජයගෙන් විශිෂ්ට ඉනිමක් – ශ්‍රී ලංකාවට කඩුලු 08 ක ජයක්..

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පහසු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්වූයේය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 155ක ඉලක්කය පන්දුවාර 24.3 කදී කඩුලු දෙකක් පමණක් වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය සිල්වා නොදැවී ලකුණු 78 රැස්කිරීමට සමත්වූයේය.

ඔහු රෝෂන් දික්වැල්ල හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 84ක සබඳතාවක් ගොඩ නැංවීය. ධනංජයද මෙහිදී රැස්කළේ සිය දෙවැනි එක්දින අර්ධ ශතකයයි.

එසේම එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.

තරගාවලියේ දෙවැනි තරගය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අනිද්දා (16දා) පැවැත්වීමට නියමිතය.

ලකුණු පුවරුව..

1(3229) Capture(892)