FAST NEWS

24×7 Around the Globe

FBI පැය 4ක් ඇන්ජලිනාගෙන් ප්‍රශ්න කළ හේතුව හෙළි වෙයි…

 

ඇමෙරිකානු එෆ්. බී. අයි. ආයතනය පසුගියදා ඇන්ජලිනා ජොලීගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ජනප්‍රිය බොලිවුඩ් නිළිය ඇන්ජලිනාගෙන් පැය 4ක් තිස්සේ ප්‍රශ්න කෙරුණේ ඇගේ සැමියා වූ බ්‍රැඩ් පිට් හට අයත් පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරද්දී සිදුවූ සිද්ධියක් සම්බන්ධවයි.

මෑතකදී බ්‍රැඩ්, ඇන්ජලිනා සහ ඔවුන්ගේ පුත්‍රයකු වන 15 වියැති මැඩොක්ස් සමග ගුවන් යානයෙන් ගමන් කිරීමේදී බ්‍රැඩ්, මැඩොක්ස්ට බැණ වදිමින් ඔහුට පහර දුන් බව ඇන්ජලිනා පැමිණිලි කර ඇති අතර ඒ මොහොතේ බ්‍රැඩ් බීමත්ව සිටි බවත්, ඇගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

ඇන්ජලිනා, බ්‍රැඩ්ගෙන් වෙන්වීමට කටයුතු කර ඇත්තේ මේ සිද්ධියෙන් පසුව බවද සඳහන් වේ.

බ්‍රැඩ් සහ ඇන්ජලිනාට මේ සිද්ධිය උසාවිය ඉදිරියට රැගෙන යෑමට අවශ්‍යතාවක් නැති බව තතු දන්නෝ පවසා ඇති අතර බ්‍රැඩ්ගේ පහරදීම් වලින් මැඩොක්ස්ට ශාරීරික හානියක් සිදුවී නැතැයිද වාර්තා වී තිබේ.

කෙසේනමුත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන එෆ්. බී. අයි. ආයතනය ගැටලුවකට මුහුණ දී ඇති අතර මෙම සිද්ධිය ගුවන් යානයක් තුළදී සිදුවූ බැවින් එය කුමන රටක නීතියට බලපාන්නේද යන කරුණ පිළිබඳව ඔවුන් විමර්ශනය කරන බවත් සඳහන් වේ.

තවත් සති කිහිපයකින් එෆ්. බී. අයි. ආයතනය මේ පිළිබඳව තීන්දුවක් දෙනු ඇතැයිද සඳහන් වේ.