FAST NEWS

24×7 Around the Globe

බස්රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි..(update)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අවම වාහන දඩය රුපියල් 2500ක් කිරීමට විරෝධය දක්වමින් බස් රථ හිමියන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

අවම දඩයට විරෝධය පළකර මේ ආකාරයට බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවද ඉකුත් සතියේ ඔහු කියා සිටියේ කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් නැති නිසා මේ මස 15දා බස් වර්ජනයක්  ක්‍රියාත්මක කරන බවකි.

+++++++++++++++++++(update)

අද මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අඛණ්ඩ බස්රථ වර්ජනයක්..

අවම දඩය රුපියල් 2500 ක් දක්වා ඉහළ දැමීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව අද (14දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බස්රථ වර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වර්ජනය අඛණ්ඩව පළාත් 09 පුරාම ක්‍රියාත්මක කරන බව අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.

දුර ගමන්සේවා (අන්තර් පළාත්) බස් රථ මෙම වර්ජනයට එක්නොවන බව එවෘත්තීය සංගම් පවසයි.