මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
අවම වාහන දඩය රුපියල් 2500ක් කිරීමට විරෝධය දක්වමින් බස් රථ හිමියන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
අවම දඩයට විරෝධය පළකර මේ ආකාරයට බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවද ඉකුත් සතියේ ඔහු කියා සිටියේ කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් නැති නිසා මේ මස 15දා බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවකි.
+++++++++++++++++++(update)







