FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. සටන්කාමීන්ගෙන් මොසුල් නගර වැසියන්ට එල්ල වූ අලුත්ම තහනම මෙන්න…

 

අයි.එස්. සටන්කාමීන් විසින්  මොසුල් නගර වැසියන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර ඇතැයි වාර්තා වී තිබේ.

ජංගම දුරකතන මගින් සිවිල් වැසියන් තම සංවිධානය ගැන  ඉරාක රජයේ හමුදාවන්ට ඔත්තු සපයන බව බවට චෝදනා කරමින් මෙම තහනම පනවා ඇති බව සදහන් වේ.

මෙම තහනම නොතකමින් ජංගම දුරකතනයක් භාවිත කළ තරුණයෙකු ද පසුගිය දා අයි එස් ත්‍රස්තයින් විසින්  මොසුල් නුවර ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

කෙසේ වෙතත් ඉරාකයේ මොසුල් නගරය යළි අත්පත් කර ගැනීම සඳහා රජයේ හමුදා මේ වනවිට දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එරට රජයේ හමුදාවන් හා මිත්‍ර පාර්ශව රටවල් ඒකාබද්ධව ගෙනෙන සටන් වලට විරෝධය පළ කරමින්  IS සටන්කාමීන් මොසුල් නගරයේදී සිවිල් වැසියන් 40 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, එලෙස ඝාතනය කළ පුද්ගලයින්ගේ මළ සිරුරු මොසුල් නගරය අවට ප්‍රදේශවල විදුලි කණුවල එල්ලීමට අයි.එස් ත්‍රස්තයින් කටයුතු කිරීමේ කෘර සිද්ධියක් එරටින් වාර්තා වී  තිබේ.

සිය සංවිධානයට ද්‍රෝහී වූ බව කියමින් අයි.එස් ත්‍රස්ත සටන්කාමීන් මෙම ඝාතන සිදු කර ඇති බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සදහන් කර තිබේ.