FAST NEWS

24×7 Around the Globe

හෙට කොළඹට එන ‘‘වෙන්කට්ටි වට්ටම්”…

 

‘‘වෙන්කට්ටි වට්ටම්” නමින් හෙන්රි ජයසේනගේ පිටපතට අනුව පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ හුනුවටය සිංහල වේදිකා නාට්‍ය (The Caucasian Chalk Circle)  නොවැම්බර් 15 වැනි අඟහරුවාදා සවස 6.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝකාගාරය අසළ ජනකරළිය ජංගම රඟහලේදී රංග ගතවීමට නියමිතය.

මෙහි දෙමළ පරිවර්තනය ආචාර්ය කුලන්දෙයි ෂන්මුගලිංගම්  විසින් හුනුවටයේ කතාව දමිළ බසට පරිවර්තනය කර ඇති අතර නාට්‍ය අධ්‍යක්ෂණය පරාක්‍රම නිරිඇල්ල සහ කේ.රතිනදරන් විසින් සිදුකර තිබේ.

‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කර උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා උතුරු ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළ බසට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම  සංහිදියාව  ගොඩනැංවීමට  වඩාත් වැදගත් වන නිසා  හුණුවටය වේදිකා නාට්‍ය ”වෙන්කට්ටි වට්ටම් ”ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කල බව  පරාක්‍රම නිරිඇල්ල මහතා පවසා තිබේ.

එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝකාගාරය අසළ දී ‘වෙන්කට්ටි වට්ටම්” විශේෂ නාට්‍ය දර්ශනය නැරඹීමට ජනකරළිය ආරාධනා කර තිබේ.