FAST NEWS

24×7 Around the Globe

සැමීයා විසින් බිරීඳ හා දියණියන් දෙදෙනාව කපා කොටා මරයි..

ත්‍රිකුණාමලය, කන්නියා, තිරුකුඤ්ඤමලේ ප්‍රදේශයේ නිවසක ඊයේ (13 දා) පෙරවරුවේ සැමියා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් දියණියන් දෙදෙනා එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇති අතර බිරිඳ බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ එල්. ගයාත්‍රි (10) හා එල්. සන්ධ්‍යානි (08) නමැති දරුවන් දෙදෙනකු හා තිස්‌අට හැවිරිදි විශ්වලිංගම් විද්‍යා නමැති අයයි.

මේ පුද්ගලයා නිවස තුළ සිය දරුවන්ට හා බිරිඳට කඩුවකින් පහර දෙමින් සිටියදී ප්‍රදේශවාසීන් පැමිණ බේරා ගැනීමට උත්සාහ කළ ද ඔහු ප්‍රදේශවාසීන්ට ද කඩුවෙන් පහරදීමට උත්සාහ කර තිබේ. අනතුරුව එම ස්‌ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සමඟ උප්පුවේලි පොලිසියේ නිලධාරීන් වහලයෙන් ඇතුළු වී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත.