දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සංවිධානය කරන ලද දියවැඩියාව රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරිමේ පාගමන අද (13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව දක්වා පාගමන පැවැති අතර, ඊට පාසල් දරුවන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව තිබේ.
පාගමන අවසානයේ දියවැඩියා රෝගය පිළිබදව පැවැති පාසල් චිත්‍ර ප්‍රදර්ශණය ද ආරාධිත අමුත්තන් අතින් විවෘත වී තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා ඇතුලු අතිවිශාල පිරිසක් ද එක්ව ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..










