FAST NEWS

24×7 Around the Globe

වසර 68 කට පසු මෙවර පෝයට සුපිරි හඳක් පායන හැටි… (වීඩියෝ)

 

ලබන සඳුදාට යෙදී තිබෙන  පුර පසළොස්වක පොහොය දිනයේ වෙනත් පුර පසළොස්වක දින වල මෙන් නොව   චන්ද්‍රයා විශාලව  දැකගත හැකි අවස්ථාවක් වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවී තිබෙන බව වාර්තා වෙයි.

මේ ගැන ඇමරිකාවේ නාසා ආයතනයෙන් මෙන්ම ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙන්ද විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදු කර තිබේ.

වෙනදාට වඩා චන්ද්‍රයා  14%  ක ප්‍රමාණයකින් විශාලව දිස්වන මෙය සුපිරි හඳ (Super Moon) ලෙස හඳුන්වන අතර පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර වෙනදාට වඩා අඩුවීම මෙම දිනයේ විශේෂත්වයයි.

මේ හේතුකොට සඳ වෙනදාට වඩා 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකිය.

මින් පෙර  මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර ඉදිරියේදී මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දිනය.

චන්ද්‍රයා පෘථිවිය වටා  ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ  පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත්  මේ ආකාරයට විශාලව දිස්වන බව කියැවේ.

මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. නමුත් සුපිරි හඳක් දිස්වන 2016 නොවැම්බර් 14 දින  චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ.

ඉදිරියේදී 2034 නොවැම්බර් 25 දින  356,500 km හා 2052  දෙසැම්බර් 6  දින 356,425 km සමීපතාවයෙන් දිස්වනු ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්..