FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති ධුරය නැති කිරීමට සැරසේ – හේතු මෙන්න..

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තනතුරේ දිවුරුම් දීමට පෙරම ඔහු දෝෂාභියෝගයකට ලක් කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, ඔහු අතීතයේදී ලිංගික අපචාර, දූෂණ සහ ජාවාරම් සිදුකළ බවට චෝදනා කරමින් වන අතර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන එක් පෙත්සමකට මේ වන විට අත්සන් 33,000කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

එසේම මෙ වන විට එරට නීති විශාරදයන් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය වළක්වාලීමේ චෝදනා සකස් කරමින් සිටින බවද පැවසේ.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව දුෂණ සහ ජාවාරම් දෝෂාභියෝගයකට මුල් විය හැකි අපරාධ ලෙස සැලකේ.

කෙසේ වෙතත්, මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීම පහසු කරුණක් නොවන බව  දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.