FAST NEWS

24×7 Around the Globe

වනෝද්‍යාන වලදිත් වාහනවලට අලුත් නීති හැදෙන හැටි මෙන්න…

 

ජාතික වනෝද්‍යාන තුළ වාහන ධාවනය කිරීමේදී ධාවන වේගය පැයට කිලෝ මීටර් 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ධාවනය කළ යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එසේම ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම සඳහා ලබාදෙන අවසර පත්‍රයේ සඳහන් උපදෙස් උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මීට අමතරව සංචාරයට පැමිණෙන සංචාරකයන් වනජීවීන්ගේ නිදහසට ගරු කරමින් පරිසර සංරක්ෂණයට දායක විය යුතු බව එම අංශය පෙන්වා දී ඇති අතර ජාතික වනෝද්‍යාන තුළ ධාවනය කරන වාහනවල ගැටී සතුන් මිය යාමේ සහ ආබාධයට ලක් වීමේ සිදුවීම් රැසක්ද පසුගිය කාලය තුළ වාර්තා වී තිබේ.

වේග සීමා උල්ලංඝනය කරමින් යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථයක් ධාවනය කළ රියදුරෙකුට එරෙහිව තිස්සමහාරාම අධිකරණය රුපියල් 35,000 ක දඩ මුදලක් නියම කළ බවද එම අංශය සඳහන් කර තිබේ.

විශේෂයෙන් සති අන්ත දිනවල දී වනෝද්‍යාන ප්‍රදේශවලට සංචාරකයන් ගේ පැමිණීම බෙහෙවින් ඉහළ යන නිසා සිදු විය හැකි වනසතුන් ගේ මරණ හා සතුන්ගේ චර්යා රටාවලට බාධා ඇති වනවා සේම අධික සංචාරකයන් ප්‍රමාණයක්‌ සංචරණයේ යෙදීම නිසා වනසතුන්ට යම් ආතතියක්‌ ඇති කිරීම අවධානයට ලක්‌ විය යුතු කරුණක් බවට පත්ව තිබේ.