FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ වෙබ් අඩවිය HACK කළ සිසුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට…?

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද(11) තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමටයි.

පරිවාස නිලධාරීන් ඊට අදාළ යෝජනාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට සිසුවාගේ දෙමව්පියන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ නිසා මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මේ පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.