FAST NEWS

24×7 Around the Globe

2016 කැරම් ලෝක ශූරතාවයේ පිරිමි කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට… (ඡායාරූප)

 

එංගලන්තයේ පැවැත්වෙන 2016 කැරම් ලෝක ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

රටවල් 23 ක සහභාගිත්වයෙන් පැවති මෙම තරඟවලියේ පිරිමි අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ(09) පැවැතිණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු ඉන්දියානු කණ්ඩායම දෙකට එකක් ලෙස පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගෙන තිබේ.

ලෝක කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ඊයේ(09) පැවති Swiss League ඉසව්ව නියෝජනය කරමින්ද ප්‍රථම ස්ථානයක් හිමිකර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක චමිල් කුරේ සමත්ව තිබේ.

එම ඉසව්වේ දෙවන ස්ථානය ඉන්දීය ක්‍රීඩක Sandeep Dewrukkar හිමි කරගත් අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන්ත ප්‍රනාන්දු විසින් හිමිකර ගැනීම විශේෂ වේ.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සිය කැරම් ජය මාවත හෙළිකරගත් චමිල් කුරේ නොකඩවා දෙවතාවක් Swiss League ඉසව්වේ ශූරතාවය හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද වේ.

ඡායාරූප පහතින්..

01