FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට රට පාලනයට අවස්ථාවක් දෙන්නැයි හිලරි ආධාරකරුවන්ට පවසයි…

 

ඇමරිකානු නායකත්වය හෙබවීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සාධාරණ අවස්ථාවක් දිය යුතු බව ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසා තිබේ.

ජනාධිපතිවරණයෙන් ලද පරාජය පිළිගැනීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස සාර්ථකව ට්‍රම්ප් කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

බලාපොරොත්තු වූවාට වඩා වැඩියෙන් මෙම මැතිවරණයේදී ඇමරිකාව ඉතා බරපතල ලෙස බෙදී ඇති බවද ඇය ප්‍රකාශ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සමත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අද(10) දිනයේදී ජනාධිපති බැරැක් ඔබාමා සමඟ ධවල මන්දිරයේදී ප්‍රථම නිල හමුව පැවැත්වීමට නියමිත බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ලබන වසරේ ජනවාරි මස 20 වනදා සිට ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස සිය කටයුතු ආරම්භ කරනු ලබයි.