FAST NEWS

24×7 Around the Globe

මව් පදවිය ලැබූ ‘පබා’ තම ෆේස් බුක් පිටුවට දමා ඇති සටහන මෙන්න… (ඡායාරූප)

 

ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි කොළඹ පුද්ගලික රෝහලකදී ඊයේ(08) සිය කුළුඳුල් දියණිය බිහි කර ඇති බව සදහන් වේ.

මෙම මාසයේ අගදී දින යොදාගෙන තිබුණත් වෛද්‍ය නිර්දේශය අනුව යොදාගත් දිනයට වේලාසනින් සිසේරියන් සැත්කමකින් දරු උපත සිදු කළ බවත් දරුවා හා මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ සිටින බවත් වාර්තා වේ.

ඇය දියණියට ධනුජි ලෙස නම යොදා ඇති අතර දරු උපතින් පසු ඇගේ රසිකයින් දැනුවත් කරමින් ඇය සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ඒ ගැන සටහනක්ද තබා ඇත්තේ පහත පරිදිය.