FAST NEWS

24×7 Around the Globe

විජේ බේරෙද්දී සිනමා නළුවන් දෙදෙනා අවසන් ගමන එකට ගිය හැටි මෙන්න… (වීඩියෝ)

 

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් ආසන්නයේදී චිත්‍රපට රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

හෙලිකොප්ටරයකින් ජලාශයකට පැනීම එම දර්ශනය වූ අතර, එලෙස දියට පැන ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගොඩට පිහිනීමට සමත්ව තිබේ.

දුනියා විජේ නැමැති කර්ණාටක නළුවා මෙලෙස දිවි ගලවා ගත් නමුදු අනිල් වර්මා සහ රාගව් උදායි නමැති සහයක නළුවන් දෙදෙනාට එලෙස ගොඩබිමට පිහිනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඔවුන් පිහිනීමට සමර්ථ නොවන අතර, ජීවිතාරක්ෂක කබා පවා රැගෙන ගොස් නොමැති බවද පසුව හෙළිදරව් වී තිබේ.

මෙහිදී සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කෙරෙන බවද සදහන් වේ.

වීඩියෝව පහතින්..