FAST NEWS

24×7 Around the Globe

17 සිසුවා සමග ගුරුවරිය කළ ලිංගික සම්බන්ධය දුරදිග ගොස් අමාරුවේ වැටුන හැටි මෙන්න… (වීඩියෝ)

 

සිය පාසැලේ සිසුවකු සමග වසරකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය  ගුරුවරියක් සම්බන්ධයෙන්  බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසැලේ අධ්‍යයන කටයුතු අතරතුර මෙම සිසුවා තමාට ආදරණීය යෝජනා ගෙන ආ බවට ගුරුවරිය ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ හැසිරීමට මෙන්ම කථාවට තම සිත ඇදීගිය බව ගුරුවරිය ප්‍රකාශ කර තිබේ.

පළමු වරට 2015 සැප්තැම්බර් මාසයේදී ඇය සිසුවා සමග සංවාදයක් ආරම්භ කර තිබේ.

විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ ඒ වන විට සිසුවාගේ වයස අවුරුදු 17 ක් වන බවත් හා චෝදනා එල්ලවී ඇති ගුරුවරියට අවුරුදු 23 ක් බවත්ය.

සැප්තැම්බර් මාසයේදී තමා සහ සිසුවා අතර ප්‍රේම සම්බන්ධයක් ඇරඹුන බවත් එය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග ගිය බව ද ගුරුවරිය හෙළිකර තිබේ.

එසේම ඇය ප්‍රකාශකර ඇත්තේ සිය මෝටර් රථයේදී සෑම දිනකම පාහේ සිසුවා සමග ගත කරන බවයි.

දිනක් පාසැලේ සිසුන් පිරිසක් මෙම සිදුවීම දැක එය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අනතුරුව තම ප්‍රේමවන්ත සිසුවාගෙන් ද තමන්ට බලපෑම් එල්ලවු බව ඇය සඳහන් කර ඇති අතර ඇය තමාගේ නිරුවත් ඡායාරූප ද 17 හැවිරිදි සිසුවාට යවා තිබීම නිසා ඔහු ඒවා ද යහලුවන් අතර හුවමාරු කරගෙන ඇති බව ගුරුවරිය පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් බාලවයස්කරුවකු සමග ගුරුවරියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාම පිළිබඳ ඇයට දැඩි දෝශාරෝපණයක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කලේ මේ වන විට ඇයගේ සේවය අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් ඇමරිකා බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

වීඩියෝව පහතින්..